Wednesday, May 7, 2014

වෝකර් රහස් සාකච්ඡාවක

කැප්ටන් වෝකර් සෝෆාවේ හාන්සිවී සිටියේ කකුල් පද්දමිනි.ඉදිරිපස කමින් බොමින් ප්‍රීතිවෙමින් සිටි පිරිස දෙස දෑස් යොමාගෙනය.එහෙත් විමසිල්ලෙන් ඔහුගේ වත දෙස බැලුවොත් ඔහු සිටින්නේ වෙන කල්පනාවක බව පෙනේ.කෝට් එකකින් සැරසී මදකුදු සිනහවක් නැති පිළිමයක් වැනි වත කමල ඉදිරියට දමා සිටින වෝකර් තෙම කෑකොස්සන් ගසමින් විහිළු තහලු කියමින් කමින් බොමින් සිටිය සෙස්සන්ගෙන් මනාව කැපී පෙනෙයි.තමන් දෙසට එන කළු හැදගත් මිනිසුන් දෙදෙනා දුටු වෝකර් සෝෆාවේ කෙළින් විය.

වෝකර්ගේ මුහුණ ඉදිරියෙන් තම ඇගිලි එහා මෙහා කරමින් සඥාවක් කළ කලු හැදගත් මිනිස්සුන් සැනෙකින් එතනින් ඉවත් වූහ.වෝකර් කළේ හිස සැලීම පමනකි. මේ සියල්ලටම ගත වුනේ අසුරු සැනකි. එහෙත් ශාලාවේ සිටි සියළු දෙනාන වෝකර් දෙසට ඇස් යොමා ගත් වනම ය. 
එකෙක් වෝකර් ඉදිරියට ගොස් මිස්ටර් වෝකර් යැයි කීවත් වෝකර් ඔහු සමඟ කතා කිරීමට මැළි විය.

වෝකර් නිහඩවම උත්සව ශාලාවෙන් පිටව ගියේය.කිසිවෙකුට ඔහු දෙස හැරී බලන්නවත් වුවමනාවක් නැත. හැමෝම තම අල්ලාප සල්ලාපයන් නැවැත්වූ තැන් වල සිට කරගෙන යයි.


කතා කරගත් වෙලාවටම වෝකර් රහස් කාමරය වෙත පැමිණියේය.කුඩා අඳුරු බිම් කාමරයක් වූ මෙය සකසා තිබූ ආකාරය දුටු විට වෝකර්ට ඇස් උඩ ඉන්දුනේය.ඇත්තෙන්ම මහාචාර්ය ස්ටීවන් සොකම් ඉතාම නිර්මාණශීලී මිනිසෙකි.සොකම්ට නිර්මාණශීලී බව කොතරම් තිබුනත් ප්‍රායෝගිකත්වය නම් බින්දුවකි. සොකම් දොර ඇර ගෙන කාමරයට එන වෝකර් දෙසම බලා සිටියේය .පුටුවක් පෙන්වා සන් කළේය.

"මේ සැමුවෙල් වෝකර් .ඔබ දන්නවත් ඇති " සොකම් සෙසු අය දෙස බලා කීවේය.

මන්දස්මිතයන් රැසක් වෝකර්ට අනුමැතිය ලබා දුනි.

වෝකර් මේසයේ කෙළවරකට වෙන්නට හිද ගත්තේය.

වෝකර් තමයි මිනිහ සොකම් වෝකර් සෙස්සන්ට හදුන්වා ද්න්නේ එසේය.

" මිස්ටර් වෝකර් අපි තීරණය කළා" යි සොකම් කියත්ම

"මට එන්න කීවෙ තීරණ දැනුම් දෙන්නද"වෝකර් ඇසුවේ කෝපයෙනි.

" නෑ මිස්ටර් වෝකර් "

" නැත්තෙ නෑ. මේ ප්‍රොජෙක්ට් එකේ මම කම්කරුවෙක් කියක්ලද හිතා ඉන්නෙ.මම මේ ආයතනයට අලුත් වුනාට ප්‍රොජෙක්ට් එකේ හුඟක් අදහස් මගෙ" වෝකර් කෑ ගසීය.

සෙස්සෝ සිනාසුනහ.එහෙනම් විද්‍යා ප්‍රබන්ධකාරයොත් ප්‍රොජෙක්ට් එකේ කොටස් ඉල්ලයි" එකෙක් කීවේ සමච්චලයටය.


සියල්ලෝම පුදුමයකට පත් කරමින් වෝකර් නිහඩ විය.ඔහු සන්සුන් විය. මිස්ටර් සොකම් ඔහු හඩ අවදි කලේය.දැන් කාලය හරිම වටිනවා.නාස්ති කරන්න තත්පරයක්වත් නෑ.වෝකර් කට හඩ අවදි කළේය.

සෙස්ස පස්සට


7 comments:

  1. අළුත් බ්ලොග් එකක් නේ.. ඔන්න මම මුලින්ම ගොඩ වුනා..

    සෙස්සත් එහෙනම් ලියමුකෝ බලන්න..

    ReplyDelete
    Replies
    1. ඔවු .අළුත් වගේම වෙනස්. මුලින්ම ආපු ඔබව පිළිගන්නේ සාදරයෙනි.මිතුර ගුණ දොස් දක්වන්න.මා දන්නා තරමින් මීට පෙර විද්‍යා ප්‍රබන්ධයක් ලියා ඇත්තේ ගමන් මඟේ මගියා බ්ලොග් කරුය.මේ දෙවැන්න විය හැක.

      Delete
  2. ඇයි මොකද මේ වෙනස් වෙලා!

    මට විරුද්ඳව ලියූ ලිපි මොකද මැකුවේ?

    ReplyDelete
    Replies
    1. සැණකෙළිය දා ඔබ ගැන මගේ සිතේ තිබූ දේවල් හුලඟේ පාව ගියා.ඔබගේ නිහතමානී බව දැකල මම පුදුම වුනා.මම සිතුවේ ඔබ රැස් විහිදුවන සූර්ය දිව්‍ය රාජයෙක් කියායි.
      වැඩක් නැති සන්ඩු සරුවල් පැත්තකට දාල වැඩකට ඇති දෙයක් කරන්න හිතුවා.

      Delete
  3. බෙරේ පලු දෙකම නැත!

    ReplyDelete
    Replies
    1. මේක වෙනස් උත්සාහයක්.මම දන්නා තරමින් කිසිම විද්‍යා ප්‍රබන්ධයක දක්නට නොතිබුන භෞතික විද්‍යා සංකල්පයක් මෙහි ඇතුලත් කරනවා.ඒත් විද්‍යාත්මක දේවල් දාන්න යනකොට නීරස වන නිසා කතන්දරයක් ලෙසයි කරන්නේ.විද්‍යා පරන්ධයෙන් පසු නවකතාවකුත් ලියනවා. මේ බ්ලොග් එක වෙන් කළේ පොත් ලියන්නයි.ඉංග්‍රීසි නම් දැම්මෙ ඉංගීසියට පරිවර්තනය කරන්න අදහසක් තිබෙන නිසයි.සමහරවිට ඉදිරියේදී සිංහල කතාවයි ඒකෙ ඉංග්‍රීසි පරිවර්තනයයි එකටම පළ කරනවා.
      මේක මගෙම ක්‍රමයකට යන්නෙ.වෙන අයගෙ පොත් කියවලා ඒ තේමාව අරන් එහෙ මෙහෙ වෙනස් කරලා නොවෙයි.

      Delete
  4. මෙම අඩවියේ නාමය වෙනස් කරනු ලැබේ.එහි නව නාමය pothakkiyavamu.blogspot.com වේ.

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියකි.