Wednesday, May 7, 2014

වෝකර් රහස් සාකච්ඡාවක

කැප්ටන් වෝකර් සෝෆාවේ හාන්සිවී සිටියේ කකුල් පද්දමිනි.ඉදිරිපස කමින් බොමින් ප්‍රීතිවෙමින් සිටි පිරිස දෙස දෑස් යොමාගෙනය.එහෙත් විමසිල්ලෙන් ඔහුගේ වත දෙස බැලුවොත් ඔහු සිටින්නේ වෙන කල්පනාවක බව පෙනේ.කෝට් එකකින් සැරසී මදකුදු සිනහවක් නැති පිළිමයක් වැනි වත කමල ඉදිරියට දමා සිටින වෝකර් තෙම කෑකොස්සන් ගසමින් විහිළු තහලු කියමින් කමින් බොමින් සිටිය සෙස්සන්ගෙන් මනාව කැපී පෙනෙයි.තමන් දෙසට එන කළු හැදගත් මිනිසුන් දෙදෙනා දුටු වෝකර් සෝෆාවේ කෙළින් විය.

වෝකර්ගේ මුහුණ ඉදිරියෙන් තම ඇගිලි එහා මෙහා කරමින් සඥාවක් කළ කලු හැදගත් මිනිස්සුන් සැනෙකින් එතනින් ඉවත් වූහ.වෝකර් කළේ හිස සැලීම පමනකි. මේ සියල්ලටම ගත වුනේ අසුරු සැනකි. එහෙත් ශාලාවේ සිටි සියළු දෙනාන වෝකර් දෙසට ඇස් යොමා ගත් වනම ය. 
එකෙක් වෝකර් ඉදිරියට ගොස් මිස්ටර් වෝකර් යැයි කීවත් වෝකර් ඔහු සමඟ කතා කිරීමට මැළි විය.

වෝකර් නිහඩවම උත්සව ශාලාවෙන් පිටව ගියේය.කිසිවෙකුට ඔහු දෙස හැරී බලන්නවත් වුවමනාවක් නැත. හැමෝම තම අල්ලාප සල්ලාපයන් නැවැත්වූ තැන් වල සිට කරගෙන යයි.


කතා කරගත් වෙලාවටම වෝකර් රහස් කාමරය වෙත පැමිණියේය.කුඩා අඳුරු බිම් කාමරයක් වූ මෙය සකසා තිබූ ආකාරය දුටු විට වෝකර්ට ඇස් උඩ ඉන්දුනේය.ඇත්තෙන්ම මහාචාර්ය ස්ටීවන් සොකම් ඉතාම නිර්මාණශීලී මිනිසෙකි.සොකම්ට නිර්මාණශීලී බව කොතරම් තිබුනත් ප්‍රායෝගිකත්වය නම් බින්දුවකි. සොකම් දොර ඇර ගෙන කාමරයට එන වෝකර් දෙසම බලා සිටියේය .පුටුවක් පෙන්වා සන් කළේය.

"මේ සැමුවෙල් වෝකර් .ඔබ දන්නවත් ඇති " සොකම් සෙසු අය දෙස බලා කීවේය.

මන්දස්මිතයන් රැසක් වෝකර්ට අනුමැතිය ලබා දුනි.

වෝකර් මේසයේ කෙළවරකට වෙන්නට හිද ගත්තේය.

වෝකර් තමයි මිනිහ සොකම් වෝකර් සෙස්සන්ට හදුන්වා ද්න්නේ එසේය.

" මිස්ටර් වෝකර් අපි තීරණය කළා" යි සොකම් කියත්ම

"මට එන්න කීවෙ තීරණ දැනුම් දෙන්නද"වෝකර් ඇසුවේ කෝපයෙනි.

" නෑ මිස්ටර් වෝකර් "

" නැත්තෙ නෑ. මේ ප්‍රොජෙක්ට් එකේ මම කම්කරුවෙක් කියක්ලද හිතා ඉන්නෙ.මම මේ ආයතනයට අලුත් වුනාට ප්‍රොජෙක්ට් එකේ හුඟක් අදහස් මගෙ" වෝකර් කෑ ගසීය.

සෙස්සෝ සිනාසුනහ.එහෙනම් විද්‍යා ප්‍රබන්ධකාරයොත් ප්‍රොජෙක්ට් එකේ කොටස් ඉල්ලයි" එකෙක් කීවේ සමච්චලයටය.


සියල්ලෝම පුදුමයකට පත් කරමින් වෝකර් නිහඩ විය.ඔහු සන්සුන් විය. මිස්ටර් සොකම් ඔහු හඩ අවදි කලේය.දැන් කාලය හරිම වටිනවා.නාස්ති කරන්න තත්පරයක්වත් නෑ.වෝකර් කට හඩ අවදි කළේය.

සෙස්ස පස්සට